Thursday, February 10, 2022

 Landune Landune (ලඳුනේ ලඳුනේ) - Amarasiri Pieris

ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ...ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
‍ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි

පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළිය ලබන ලඳුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ

සින්දුව (youtube)

Wednesday, December 15, 2021

Me irai handai ( මේ ඉරයි හඳයි)

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
එදා වගේ හමුවන්නට සුන්දර හවසක
හීන මවනවද හිර වී... හිමි නැති පපුවක...

රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට...

අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල…

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
එදා වගේ හමුවන්නට සුන්දර හවසක
හීන මවනවද හිර වී... හිමි නැති පපුවක...


සින්දුව (youtube)

Wednesday, September 22, 2021

Manike mage hithe ( මැණිකේ මගේ හිතේ )

  මැණිකේ මගේ හිතේ

මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී
මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ
මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී
ඉතිං එපා මටනං වංගු
ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු
ආලේ නුඹටම වලංගු
මැණිකේ වෙන්නෙපා තව සුනංගු
ගමේ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹේ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගේ හිතත් නැහැ මටම මෙල්ල
කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු
වෙනවාද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූ
ඔයා දුන්න ඉඟියට මත් වූ
බඹරෙකි මම තටු ඉස්සූ
ඔයා වටකරගෙන රැස් වූ
රොත්තෙන් හිත අරගත්තු බඹරා
මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ
මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී
මා හිත ළඟම දැවටෙනා (දැවටෙනා)
හුරු පෙමක පැටලෙනා (පැටලෙනා)
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා (දැවටෙනා)
හුරු පෙමක පැටලෙනා (පැටලෙනා)
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා



සින්දුව බැලීමට (Satheshan FTYohani)

Wednesday, April 1, 2020

Duka wedi tharamata ( දුක වැඩි තරමට )

දුක වැඩි තරමට කදුළු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමිනොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා

හැඩවෙන නෙතගට තරවටු කෙරුවට
කදුලැල් නැ නතර වෙලා
හැමදාමත් රිදවන්නට
ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගෙ සිහිනේ...
තාමත් මල් පිබිදෙන්නේ...
රැවටුනු මේ හිත මාගේ...
තනිවුනු බව නෑ දන්නේ
මුළු යහන පුරා විදි - සුවද පවා නැත
දුක විතරක් ඉතිරිවෙලා...

දුක වැඩි තරමට...//

කදුලක් කදුලක් ගානේ...
ඔය රුවමයි සිහිවෙන්නේ...
මට නොලැබුනු ඔබෙ සෙනෙහේ...
වෙනෙකුගෙ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු - පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කලා...

දුක වැඩි තරමට...//



සින්දුව භාගත කිරීමට ( Download )

Saturday, August 6, 2016

Sina Thotak Wiya Oba Pamula ( සිනාතොටක් විය ඔබ පාමුල )

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//
බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...
සිනා තොටක් විය...


සින්දුව භාගත කිරීමට ( Download )

Monday, April 11, 2016

rahasin mata rahasin ( රහසින් මට රහසින් ) - infaas

රහසින් මට රහසින් ලං වී කියූ කතා
දෑසින් නුබේ දෑසින් මුළු ලොවම දිලිසුනා
පිනි ඇහෙරෙන සීතලේ නුබේ මතකයන් උණුහුම තමා
නිම් නැති හසරැල් පෙලේ දගකාර කම් නීති සිහි උනා ..
ඈ මා සැනසුවා සදා .. මා ඈ සැනසුවා සදා
ඈ ආදර වදන් කියා මගේ ජීවිතය දැල් උවා
රහසින් මට රහසින් ලං වී කියූ කතා
දෑසින් නුබේ දෑසින් මුළු ලොවම දිලිසුනා
සදකඩ පහණ සේ ආලය කැටයම් කලේ
සදා වෙනස් නොවන සේ ඔබ මා හා ....මා හා ..
සදා වෙනස් නොවන සේ ඔබ මා හදට ලං උනේ.
සුරගන කතා පෙලෙන් ඔබෙයි මගෙයි කතාවයි මේ ...
රහසින් මට රහසින් ලං වී කියූ කතා
දෑසින් නුබේ දෑසින් මුළු ලොවම දිලිසුනා

Surangana Kirilliye ( සුරගන කිරිල්ලියේ ) - Infaas

රැ සිහිනෙන් මා නුඹ දකිනා සද නිදි දෙව්දුව ඉර්ශ්‍යා හිතෙනා බව
දන්නවාද නුඹ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව
හැබවින් නුඹේ රුව අත් විදින සද තරු කැට පරදන නුඹේ රුවන් යුග
ප්‍රථම ප්‍රේමයේ පිවිතුරුම රාග සනසවන්න මට ඉගි කරනා සැටි
සුරගන කිරිල්ලියේ සද නුඹ ගැනමයි කතා කළේ
නිල්වන් ගුවන් තලේ පියබා යමු රැ නිසංසලේ.... //
නුඹ වරලස සුදු මල් ගවසන්නට නුඹේ උවනත සිප සනසා ලන්නට
නුඹේ උණුසුම ලග ඉද විද ගන්නනට ආසයි නුඹේ සිතුවමක් අදින්නට
නුඹ ගැන මා හිත හිතත හිතුම් ගැන නුඹ ගෙන මා හිත පතන පැතුම් ගැන
මා ජිවිතයම නුඹ ලග තියාන හිනා පොදක් වී හිදින්න තනියම..
සුරගන කිරිල්ලියේ සද නුඹ ගැනමයි කතා කළේ
නිල්වන් ගුවන් තලේ පියබා යමු රැ නිසංසලේ.... //
සුරගන කිරිල්ලියේ සද නුඹ ගැනමයි කතා කළේ
නිල්වන් ගුවන් තලේ පියබා යමු රැ නිසංසලේ.... //
සුරගන කිරිල්ලියේ සද නුඹ ගැනමයි කතා කළේ
නිල්වන් ගුවන් තලේ පියබා යමු රැ නිසංසලේ.... /
සුරගන කිරිල්ලියේ සද නුඹ ගැනමයි කතා කළේ
නිල්වන් ගුවන් තලේ පියබා යමු රැ නිසංසලේ.... /

Ads