Wednesday, December 15, 2021

Me irai handai ( මේ ඉරයි හඳයි)

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
එදා වගේ හමුවන්නට සුන්දර හවසක
හීන මවනවද හිර වී... හිමි නැති පපුවක...

රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට...

අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල…

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
එදා වගේ හමුවන්නට සුන්දර හවසක
හීන මවනවද හිර වී... හිමි නැති පපුවක...


සින්දුව (youtube)

Ads