Wednesday, December 15, 2021

Me irai handai ( මේ ඉරයි හඳයි)

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
එදා වගේ හමුවන්නට සුන්දර හවසක
හීන මවනවද හිර වී... හිමි නැති පපුවක...

රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට...

අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල…

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
එදා වගේ හමුවන්නට සුන්දර හවසක
හීන මවනවද හිර වී... හිමි නැති පපුවක...


සින්දුව (youtube)

Wednesday, September 22, 2021

Manike mage hithe ( මැණිකේ මගේ හිතේ )

  මැණිකේ මගේ හිතේ

මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී
මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ
මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී
ඉතිං එපා මටනං වංගු
ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු
ආලේ නුඹටම වලංගු
මැණිකේ වෙන්නෙපා තව සුනංගු
ගමේ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹේ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගේ හිතත් නැහැ මටම මෙල්ල
කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු
වෙනවාද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූ
ඔයා දුන්න ඉඟියට මත් වූ
බඹරෙකි මම තටු ඉස්සූ
ඔයා වටකරගෙන රැස් වූ
රොත්තෙන් හිත අරගත්තු බඹරා
මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ
මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී
මා හිත ළඟම දැවටෙනා (දැවටෙනා)
හුරු පෙමක පැටලෙනා (පැටලෙනා)
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා (දැවටෙනා)
හුරු පෙමක පැටලෙනා (පැටලෙනා)
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා



සින්දුව බැලීමට (Satheshan FTYohani)

Ads