Saturday, August 6, 2016

Sina Thotak Wiya Oba Pamula ( සිනාතොටක් විය ඔබ පාමුල )

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//
බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...
සිනා තොටක් විය...


සින්දුව භාගත කිරීමට ( Download )

Monday, April 11, 2016

rahasin mata rahasin ( රහසින් මට රහසින් ) - infaas

රහසින් මට රහසින් ලං වී කියූ කතා
දෑසින් නුබේ දෑසින් මුළු ලොවම දිලිසුනා
පිනි ඇහෙරෙන සීතලේ නුබේ මතකයන් උණුහුම තමා
නිම් නැති හසරැල් පෙලේ දගකාර කම් නීති සිහි උනා ..
ඈ මා සැනසුවා සදා .. මා ඈ සැනසුවා සදා
ඈ ආදර වදන් කියා මගේ ජීවිතය දැල් උවා
රහසින් මට රහසින් ලං වී කියූ කතා
දෑසින් නුබේ දෑසින් මුළු ලොවම දිලිසුනා
සදකඩ පහණ සේ ආලය කැටයම් කලේ
සදා වෙනස් නොවන සේ ඔබ මා හා ....මා හා ..
සදා වෙනස් නොවන සේ ඔබ මා හදට ලං උනේ.
සුරගන කතා පෙලෙන් ඔබෙයි මගෙයි කතාවයි මේ ...
රහසින් මට රහසින් ලං වී කියූ කතා
දෑසින් නුබේ දෑසින් මුළු ලොවම දිලිසුනා

Surangana Kirilliye ( සුරගන කිරිල්ලියේ ) - Infaas

රැ සිහිනෙන් මා නුඹ දකිනා සද නිදි දෙව්දුව ඉර්ශ්‍යා හිතෙනා බව
දන්නවාද නුඹ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව
හැබවින් නුඹේ රුව අත් විදින සද තරු කැට පරදන නුඹේ රුවන් යුග
ප්‍රථම ප්‍රේමයේ පිවිතුරුම රාග සනසවන්න මට ඉගි කරනා සැටි
සුරගන කිරිල්ලියේ සද නුඹ ගැනමයි කතා කළේ
නිල්වන් ගුවන් තලේ පියබා යමු රැ නිසංසලේ.... //
නුඹ වරලස සුදු මල් ගවසන්නට නුඹේ උවනත සිප සනසා ලන්නට
නුඹේ උණුසුම ලග ඉද විද ගන්නනට ආසයි නුඹේ සිතුවමක් අදින්නට
නුඹ ගැන මා හිත හිතත හිතුම් ගැන නුඹ ගෙන මා හිත පතන පැතුම් ගැන
මා ජිවිතයම නුඹ ලග තියාන හිනා පොදක් වී හිදින්න තනියම..
සුරගන කිරිල්ලියේ සද නුඹ ගැනමයි කතා කළේ
නිල්වන් ගුවන් තලේ පියබා යමු රැ නිසංසලේ.... //
සුරගන කිරිල්ලියේ සද නුඹ ගැනමයි කතා කළේ
නිල්වන් ගුවන් තලේ පියබා යමු රැ නිසංසලේ.... //
සුරගන කිරිල්ලියේ සද නුඹ ගැනමයි කතා කළේ
නිල්වන් ගුවන් තලේ පියබා යමු රැ නිසංසලේ.... /
සුරගන කිරිල්ලියේ සද නුඹ ගැනමයි කතා කළේ
නිල්වන් ගුවන් තලේ පියබා යමු රැ නිසංසලේ.... /

Pem Sihine (පෙම් සිහිනේ ) - Pradeep

ආදරයේ පාවෙන හැගුමක්
ජීවිතයක්‌ සෙව්වා //
පුරාණේ මගේ වූ ඔඹේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔඹ මගේ සිත රැවටු මායාවී //
මා ළඟින් ලංවෙලා ඔඹ එදා කිව් කතා
මගේ දිළිඳු ලෝකේ මාළිගාවක් කළා
ඒ තනු මාළිඟා සුන්වෙළා ගිය දිනේ
අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔඹ ගියා
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔඹ මගේ සිත රැවටු මායාවී //
වස්සානයේ තනි වෙලා තුරුළු වි උණුසුමේ
දැගීල්ලේ පැටලී උන් සැඳාව සුන්දරයි
නුඹ මගේ හැම භවේ දිව්රලා සේනේහසින්
කී කතාව මගේ ලෝකේ තනි වෙලා ගියා
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔඹ මගේ සිත රැවටු මායාවී //

Sitha Pihatuwak Wage ( සිත පිහාටුවක් වාගේ ) - Chandana Liyanarachchi

සිත පිහාටුවක් වාගේ පාවුනා
නුබ සෙමින් හෙමින් සිතේ ගැවුනා
දුක බයෙන් බයෙන් ඈත පාවුනා
මම නුඹේ සෙනේහයෙන් නැහැවුනා //
සිත පිහාටුවක් වාගේ පාවුනා
නුඹ අහන අහන දෙයට කැමතිව
නුඹට කිට්ටු වෙලා ඉන්නට //
මම ආසයි නුඹේ සුන්දර
සිතේ කොනක රැදී ඉන්නට
සිත පිහාටුවක් වාගේ පාවුනා
නුබ සෙමින් හෙමින් සිතේ ගැවුනා
දුක බයෙන් බයෙන් ඈත පාවුනා
මම නුඹේ සෙනේහයෙන් නැහැවුනා
සිත පිහාටුවක් වාගේ පාවුනා
නුඹ පවසන සොඳුරු උත්තර
නිවන නිසා හිතේ ගින්දර//
නුඹයි මගේ උතුම් සම්පත
සුවඳ කලේ නුඹයි හදවත..
සිත පිහාටුවක් වාගේ පාවුනා
නුබ සෙමින් හෙමින් සිතේ ගැවුනා
දුක බයෙන් බයෙන් ඈත පාවුනා
මම නුඹේ සෙනේහයෙන් නැහැවුනා //
සිත පිහාටුවක් වාගේ පාවුනා

Oba Na Ada Mage Langin ( ඔබ නෑ අද මා ලගින් )- Bathiya & Santhush

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා
ලගින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා
ඔබ ඔහු තුරුලේ ඉන්න වෙලේ
ම දවනා ගිනිදැල් ඇත හදවතේ
නොපෙනේද ඔබ හට කුමරියේ
මේ වේදනාව මට රිදවනා
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා//
ඔබ නෑ ////
මගේ ලගින්
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා
සුළගක් වෙලා පලක් නැ ජිවත් වෙලා
ඔබ නැති වෙලා මට ඔබ නැතිවෙලා
මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා
ලගින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා///

Oya As Deka ( ඔය ඇස් දෙක ) - Jude Rogans

ඔය ඇස් දෙක මනසේ තියාගෙන මම හඩන තරම්
මගේ අත් දෙක පපුවේ තියාගෙන පොරොන්දු දුන්න තරම්
දැක්කත් නොදැක්ක වාගේ ඔයා යද්දී ඔයා ලගින්
සුපුරුදු සුවදම දැනුණා
හීනෙම ඔය අරන්.//
අන්සතු බව කීවා නම් ලං වෙන්නෙම නෑ.
මට ඉන්නේ ඔයා විතරයි කිව්වේ ඇයිද කලින්
වෙනසක් පෙනුනේ නෑ සිනාවෙන් වත් ඔබෙන්
අහිමිව ගියා මගේ වෙලා
ඉදලා ඔය ලගින් //
විදිමින් හැම දෙයක් තුරුල්ලේ ආදරේ බැදී සිතින්
නොමැකි තියේ හදෙ තාමත් මතකේ ඔය නමින්
නොපෙනී යන තුරා ඇතට හිදිමින් බලා ඔහේ
වැලපෙයි හිත මගේ විදිමින්
වේදනා අද ඔබෙන්..//
ඔය ඇස් දෙක මනසේ තියාගෙන මම හඩන තරම්
මගේ අත් දෙක පපුවේ තියාගෙන පොරොන්දු දුන්න තරම්
දැක්කත් නොදැක්ක වාගේ ඔයා යද්දී ඔයා ලගින්
සුපුරුදු සුවදම දැනුණා
හීනෙම ඔය අරන්.//

Thurule Nithara Sathapa ( තුරුලේ නිතර සතපා )- Obagen Tharam ( ඔබගෙන් තරම් ) - Chillie


තුරුලේ නිතර සතපා පැතුලෝකෙ මට ගෙන ආ
හරි ලස්සනයි ඔබ ගේ ආදරේ මටනම්
දෑත මගෙ පටලා දුර ඈත යමු දෙදෙනා
මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්
ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
මොනදේවුනත් ඔබටයි සදාකල් ආදරේ//
රැදිලා මේ හිත මානේ හැමදා මා පන වාගේ
ඔබමයි මාව ජිවත් කලේ...
කිසිදා නෑ හැර යන්නේ තිබෙනා කල් දිවි මාගේ
ආසයි ඉන්නදැවටී හදේ...
ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
මොනදේවුනත් ඔබටයි සදාකල් ආදරේ//
දැනෙනා සීතල යාමේ හැමදා ඉන්නට ඕනේ
සිනහා පැළඳ මුවගේ මගේ...
ඔබ නෑ මම පබදින්නේ ඔබමයි මා නමදින්නේ
අපගේ ප්‍රේම පූජාසනේ...
තුරුලේ නිතර සතපා....


Obage Mathaken ( ඔබගේ මතකෙන් ) - Shihan Mihiranga

ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ
ඔබ එන්න යලි මා කෙරේ
ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
ලං වෙලා කී කතා පා වෙලා මා දමා
පෑ සිනා පෑ රිලා යා වෙලා වේදනා
හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා
විශ්වාසෙ කඩකළ ඔයාට මං ආදරෙයි සදා
පෙම් කළා යැයි කියා මා රැවටුවත් ඔයා
සෑම දා පතන්නේ මා දෙන්න එපා දුකක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
රවටාල වෙන් වී ගියාට මං ආදරෙයි සදා
ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ
ඔබ එන්න යලි මා කෙරේ
ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා

Athi Mawa Rawatuwa ( ඇති මාව රැවටුවා ) - Shihan Mihiranga

ඇති මාව රැවටුවා හොදටෝම රැවටුනා
කව්රුත් එපා කියද්දී මං පෙම් කලා
මගේ ආදරේ මදි වෙලා යන්නට ගියත් වෙන් වෙලා
නොලැබුන ඔබේ සෙවනේ තනිකම හොදයි මට සඳා
මාගේ අතේ වරද කියා දහස් වරක් පසු තවුණා
ඔයා අරන් යන්න හිතන් කුලී මාලිගා සෙව්වා
මට වඩා හොඳ කෙනෙක් මට කලින් ලං වෙන්න ඇති
ඒ නිසා මා දමා හිතට එකගව හැර යන්න ඇති
ඇති මාව රැවටුවා හොදටෝම රැවටුනා
කව්රුත් එපා කියද්දී මං පෙම් කලා
මගේ ආදරේ මදි වෙලා යන්නට ගියත් වෙන් වෙලා
නොලැබුන ඔබේ සෙවනේ තනිකම හොදයි මට සඳා
නොමැරී මැරෙන තත්පරයත් කල්පයක් වගේ දැනුනා
නාදුනා ලෙස ඔබ මා ලෝකෙට මුදවා හැරුනා
මට වඩා හොඳ කෙනෙක් මට කලින් ලං වෙන්න ඇති
ඒ නිසා ම දමා හිතට එකගව හැර යන්න ඇති
ඇති මාව රැවටුවා හොදටෝම රැවටුනා
කව්රුත් එපා කියද්දී මං පෙම් කලා
මගේ ආදරේ මදි වෙලා යන්නට ගියත් වෙන් වෙලා
නොලැබුන ඔබේ සෙවනේ තනිකම හොදයි මට සඳා


Ahimi Unath Obata Thawath ( අහිමි උනත් ඔබට තවත් ) - Asanka Priyamantha Peiris

අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින්
නපුරක් නම් වෙන්න එපා කියා පතනම්
ම්ම් ශාප නොකරන්නම් කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්සම ආයේ ඔබ එන්න
අහිමි උනත් ඔබට....
ඔබ දුන්න මුල් හාදුව දුකට බොද වෙලා
සැගවී ගියත් කාලය නොදැක ගත වෙලා
ම්ම් ශාප නොකරන්නම් කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්සම ආයේ ඔබ එන්න
මතු දිනෙක මගේ මතකය නැවත සිහි වෙලා
පසුතැවිලි වේවි නම් ඔබ අලුත් පෙම නිසා
ම්ම් ශාප නොකරන්නම් කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්සම ආයේ ඔබ එන්න
අහිමි උනත් ඔබට....

Ads